පාසල් ගීතය
සැරදේ විශාඛා විදුහල් මෑණී අප
ගයනෙමු ඔබේ ගුණ ඇති හද බැතියෙන්….//
වීර පුතුන් හට නිජබිම වුයේ
ඌවපළාතේ බදුලු පුරවරේ
නිල්වන් කදු වැටි ඔබ වට කරගෙන
රැක දෙන්නා වැනි මෑණීව සැම දින….
සැරදේ විශාඛා විදුහල් මෑණී අප
ගයනෙමු ඔබේ ගුණ ඇති හද බැතියෙන්….//
රන්වන් කරලින් බර වූ කුඹුරයි
රූරා ඇදෙනා දුන්හිද ඇල්ලයි
ශාස්ත්‍ර කළා විද්‍යාදී විෂයන්
අපට බෙදා දෙන ඔබ නීති සතුටින් …..
සැරදේ විශාඛා විදුහල් මෑණී අප
ගයනෙමු ඔබේ ගුණ ඇති හද බැතියෙන්….//
දියුණට ඇත දෙන දැරියන් රැසකට
අප ණය ගැති වෙමු විදුහල් මව හට
සැරදේ විශාඛා විදුහල් මෑණී අප
ගයනෙමු ඔබේ ගුණ ඇති හද බැතියෙන්….//