විනය නීති මාලාව
-
උදේ 7. 15ට පෙර පාසලට පැමිණිය යුතු වේ.
-
නිවැරදි නිල ඇඳුම භාවිතා කළ යුතු වේ.
-
කුඩා කරාබු ජෝඩුවක් පැළඳිය යුතුවේ.
-
සුදු සපත්තු පැළඳිය යුතු අතර මේස් කුට්ටම එක් කවාකාර පමණක් නොවිය යුතුයි.
-
විවිධ පටි හා නුල් වර්ග බැඳීම නොකළ යුතුය.
-
කොන්ඩය දෙකට බෙදා මනාලෙස පීරා කෙළවර කළු රිබන් පටි වලින් ගැට ගැසිය යුතුය.
-
විවිධ කොණ්ඩ කටු වර්ග නොගැසිය යුතුය
-
කෑම පෙට්ටියක පමණක් කෑම රැගෙන ආ යුතුය ඒ සඳහා හැන්දක් භාවිතා කරන්න.
-
විද්‍යාලය තුළ පොලිතීන් භාවිතය සපුරා තහනම් වේ.
-
පෙරවරු 7.20 වන විට පන්ති කාමර පිරිසිදු කර අවසන් කළ යුතු වේ.
-
පාසල තුල ජංගම දුරකතන භාවිත කිරීම සපුරා තහනම්.
-
අදාල දිනට පන්තිකාමරය පිරිසිදු කළ යුතු කණ්ඩායම පාසල අවසානයේ විදුලි පංකා හා දොර ජනෙල් වසා දැමිය යුතුය
-
ආපනශාලාවට යා යුත්තේ පෙරවරු 7:30 ට පෙර හා විවේක කාලයේ දී පමණි.
-
නියපොතු වැවීම නිය හා තොල් ආලේපන ගැල්වීම ඇහිබැම සැකසීම වර්ණගන්වා පැමිණීම සපුරා තහනම්ය
-
ඔරලෝසු පළඳින්නේ නම් කළු පටිය සහිත කුඩා එකක් විය යුතුය(ඔරලෝසුවක් අත්‍යවශ්‍ය නොවේ)
-
පාසල් ශිෂ්‍යාවක් වශයෙන් සහභාගී වන සෑම අවස්ථාවකම හා පාසලට පැමිණෙන සෑම අවස්ථාවකම නිල ඇඳුමෙන් සැරසී පැමිණිය යුතුය.
-
අවසර නොමැතිව පාසල් කාලය තුළ පාසලින් බැහැර වීම සපුරා තහනම්ය.
-
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට යොමු වීම බලවත් විනය විරෝධී ක්‍රියාවකි
-
පාසලේ අවසරයකින් තොරව පාසල් නිල ඇඳුම භාවිතා කරමින් අන්තර්ජාලය වෙත ඡායාරූප එක් කිරීම නොකළ යුතුය
-
විශාඛා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඔබ පාසල තුළදී මෙන්ම පාසලින් පිටතදී ද හැසිරිය යුත්තේ පාසලේ ගෞරවය රැකෙන පරිදි ය