Principla's Message
B/Vishaka Girls High School

හැකියාවන් හඳුනා ගැනීමේ හැකියාවක් ඇති බාලිකා පාසලක් ලෙසත් යහපත් චරිතයත් ගොඩනගන ගුණාංග පෝෂණය කරන පාසලක් ලෙසත් ඌව පළාත තුළ විශිෂ්ට ඇගයීමකට අප පාසල ලක්ව ඇත. ඒ ඔවුන්ගේ දැනුමෙන් කුසලතාවයෙන් සුභවාදී ආකල්ප වලින් පමණක් නොව නායකත්ව ගුණාංග වලින් ද සන්නද්ධ කිරීමට ගන්නා වූ අප්‍රහිත ප්‍රයත්නය නිසාවෙනි. මනා පෞරුෂයකින් එඩිතර බවින් යුතු කාන්තාවක් සමාජගත කිරීමේ යුග මෙහෙවරක නිරත පාසලක් ලෙස මෙහි බාලිකාවන් දේශීය මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ ලබමින් පාසලේ කීර්තිනාමය නං වීමට සමත් වී ඇත
නවීන තාක්ෂණික මංපෙත් විවර කර ගනිමින් දැනුම් සාගරය තරණය කිරීමට දරණ විශාකා දියණියන්ට පමණක් නොව සමස්ත පාසල් ප්‍රජාවට නවීන තාක්ෂණික නවෝත්පාදන අනුකූලව සේවාවන් භුක්තිවිදීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය අර්ථාන්විතව කළ හැකිය.